ලස්සනට ඉන්න මෙන්න..

පිළිවෙලට මෙන්න මෙහෙමයි...
හැඩට සුදට ලස්සනට ඉන්න ඔන්න පොඩි උදව්වක්..

1.මුහුන පිරිසිදු කරගැනීම - මද රස්නයෙන් යුත් උනුවතුර කෝප්ප බාගයක් ගෙන එයට දෙහි යුශ බින්දු 4ක් හෝ 5ක් එකතු කර ඉන්පසු පුලුන් කැබල්ලක් ගෙන එම වතුරෙන් පොගවා ඇස් වටේ මගහැර රවුමට සිනිදුව මුහුන පිරිසිදු කරගන්න.(තෙල් සහිත සමකට වඩාත් උචිතවේ)

*කෝමාරිකා වල ඇති යුශ ගෙන ඉහත සදහන් ආකාරයට ඇගිලි තුඩුවලින් ඇහැවටේ සමග සිනිදුව පිරිමදිය යුතුය(සාමාන්‍ය හා වියලි සමට මෙය වඩාත් උචිත වේ)
*විනාඩි 2ක් 3ක් පමණ මේ ආකාරයට පිරිමැද සිසිල් ජලයෙන් සෝදා හරින්න.

2. දෙවනි පියවර මැරුණු සම ඉවත් කරගැනීම - මුහුන ජලයෙන් තෙමා සිහින් සීනි ස්වල්පයක් ගෙන වතුර සමග මිශ්‍ර කර ඇස් වටයෙ නොගැවෙන අයුරින් ඇගිලි තුඩු අදාරයෙන් සිනිදුව රවුම් ආකාරයට පිරිමදින්න.(වියලි සහ සාමාන්‍ය සමට වඩාත් උචිතවේ)

* සුදු හදුන් කුඩු සහ මී පැනි එකට මිශ්‍ර කර තලපයක් අකාරයට සාදා මුහුන වතුරෙන් තෙමා මෙය ආලේප කර ඉහත ආකාරයේ පරිදි මුහුන පිරිමදින්න.( තෙල් සහිත සමකට වඩාත් උචිතවේ)

* මෙ අයුරින් විනඩි 5ක් පමන කරගෙනිමෙන් පසු සිසිල් ජලයෙන් සොදා හරින්න.

3. මෙය අවසාන පියවරයි එනම් මුහුනට ගැලපෙන සම වඩාත් පියකරු කරවන මුහුණු ආලේපනයක් යොදා ගැනීම - 

* සුදු හදුන් කුඩු තේ හැදි 3ක්, කස්තුරි කහ තේ හැදි 2ක් ,කොහොබ යුශ, සහ මී පැනි ස්වල්පයක් මිශ්‍ර කර මුහුනේ අලේප කිරීමට හැකි පරිදී සාදාගන්න.ඉන්පසු එම තලපය මුහුනේ උඩු අතට සහ නලලේ දෙපසට අලේප කරගන්න.(ඇස් වටේ මගහැර )විනාඩි 5ක් තුලදී කර ගත යුතුය.

*පසුව ඇස්වලට තෙත පුලුන් කැබැලි දෙකක් තබා ගෙන විනාඩි 20ක් පමන ඇදක හෝ ගලපෙන ස්තානයක විවේකීව සිට විනාඩි 20කට පසුව පුලුන් කැබැල්ලක්(ස්පොන්ච් එකක් ආදාරයෙන්) මද රස්නයෙන් යුත් ජලයෙන් පොගවා සෙමෙන් සෝදා හරින්න.(ඕනෑම සමකට සුදුසුය)

*මෙවැනි මුහුනු අලේපයක් සදාගැනීමට අපහසු වේ නම් මෙන්න කෙටි ආලේපන


ගස්ලබු ස්වල්පයක් ගෙන එයට දෙහි බින්දු 2ක 3ක් මිශ්‍ර කොට අලේප කර ඉහත අකරයට විනාඩි 20කට පසුව සෝදා හරින්න.(තෙල් සහිත සමකට සුදුසුය)

අලිගැට පේර වලට යෝගට් හැදි 2ක් මිශ්‍ර කොට ආලේප කර ඉහත අකරයට විනාඩි 20කට පසුව සෝදා හරින්න.( වියලි හා සාමන්‍ය සමකට සුදුසුය)


මේ අයුරින් ඉහත පියවර අනුගමනය කිරීමෙන් පසු පැය 24ක් යනතුරු කිසිදු අලේපන වර්ගයක් බාවිතා නොකල යුතුය(සබන් සහ ෆේශ් වොශ් අතුලුව)

සැයු: සිසිල් ජලය පමනක් බාවිතා කරන්න. හිරු රශ්මියෙන් වැලකිය යුතුය(පැය 24ක් යන තුරු)
*මෙවැනි ආලේපන සති 2කට වරක් යොදා ගැනීමෙන් සමෙහි අදුරු පැහැය හා ලප කැලල් ඉවත් කර ගත හැකිය.

කොහොමද බෙහෙත?? 

0 comments:

Post a Comment

සිතට හැඟෙන දේ මෙතන කොටන්න..