නිරෝගී ජීවිතයකට............!!


ෆෝමලින් යෙදූ ආහාර හඳුනාගැනීම
ෆෝමලින් යෙදූ මාළු අලෙවි කරන ස්‌ථාන වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු යොදා ඇති බව ඉකුත් දිනවල ජනමාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය වුණා.
ඒ අතරේ ෆෝමලින් කියන්නේ කෙබඳු රසායන ද්‍රව්‍යයක්‌ දමේවා යෙදූ ආහාර හඳුනාගන්නේ කොහොම දෆෝමලින් ශරීරගත වූ විට ඇති වන හානි මොනවා ද යන්න දැන සිටීම පාරිභෝගිකයන්ට ප්‍රයෝජනවත් වනවා නොඅනුමානයි. 
ෆෝමලින් යනු ෆෝමැල්ඩිහයිඩ් වායුව ජලයේ දිය කිරීමෙන් ලබා ගන්නා රසායන ද්‍රව්‍යයක්‌. වර්ණයක්‌ නැති වුවත් ෆෝමලින් ගන්ධයක්‌ සහිතයි. බහුලව පාවිච්චි කරන්නේ මිනිස්‌ මෘත දේහ නරක්‌ නො වී තබාගැනීමටයි. ඊට අමතරව රෙදිපිළිප්ලාස්‌ටික්‌මුද්‍රණතීන්තඉදිකිරීම් යන කර්මාන්තවල ද මේවා යොදාගැනෙනවා. නීති විරෝධී නමුත් මාළු කල්තබාගැනීමට සහ ඇතැම් පලතුරු වර්ගවලට නැවුම් පෙනුම ලබා දීමට කූට වෙළෙන්දන් විසින් ෆෝමලින් සුලබව යොදාගැනෙනවා. 
ෆෝමලින් යෙදූ මාළු හඳුනාගත හැකි ආකාරය :

මාළුවා ඔබා බැලූ විට තද බවක්‌ සහ රබර්මය බවක්‌ දැනෙනවා මිස සුනම්‍ය බවක්‌ දැනෙන්නේ නැත.

කොරපොතු ඝන ය. කරමල් තද රතු ය. ඇස්‌වල සුදුමැලි බව වෙනුවට දීප්තිමත් බවක්‌ ඇත.

පිළී ගඳ නැත. මැස්‌සන් ගැවසෙන්නේ නැත.

කරවලවලට ද ෆෝමලින් යොදන අවස්‌ථා වාර්තා වී ඇති අතර එවිට කරවලවල ඝන ස්‌වභාවය වැඩි වේ. සුදු පැහැයට බර වේ. ගඳ අඩු ය. 
ෆෝමලින් යෙදූ ආහාර ශරීරගත වූ පසු ඇති විය හැකි රෝග ලක්‌ෂණ :

මුඛයේ සහ ආහාර මාර්ගයේ වේදනාව හා ප්‍රදාහය.

කට කැසීමකටේ තුවාල ඇති වීම.

ඔක්‌කාරයවමනයමළ සමග රුධිරය පිට වීම.
ෆෝමලින් දිගුකාලීනව ශරීරගත වීමෙන් පිළිකා පවා ඇති විය හැකි ය. 
මෙහි ඇති වඩාත් ම භයානක කරුණ වන්නේ ෆෝමලින් යෙදූ ආහාරයකින් මේ රසායන ද්‍රව්‍යය මුළුමනින් ම ඉවත් කිරීම නො කළ හැකි වීමයි. එනම්එකී ආහාර සේදුවත්රත් කළත් ෆෝමලින් මුළුමනින් ඉවත් නො වීමයි.
මේ නිසා මේ රසායන ද්‍රව්‍යය එකතු කිරීම වැළැක්‌වීමට පියවර ගැනීම මෙන්ම මේවා අඩංගු ආහාර මිල දී ගැනීමෙන් වැළකීමට සැලකිලිමත් වීම ද එක සේ වැදගත් ය.

(
තොරතුරු - ජාතික විෂ තොරතුරු මධ්‍යස්‌ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා වෙතිනි).
..........උපුටා ගැනීම විදුසර පුවත්පත ඇසුරෙණි............

0 comments:

Post a Comment

සිතට හැඟෙන දේ මෙතන කොටන්න..